වැස්ස බස්නාහිර පාසල් වහයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් අද (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතු වේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව සහ කඩුවෙල ද ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය සහ වත්තල යන අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තබන බව බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ප්‍රේම රංජිත් දේවබන්දු මහත පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *