වැඩ බලන ආගමන හා විගමන පාලක ජනරාල් නිලුෂා බාලසූරිය

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස  සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී බී.එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ආගමන  විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක් පිටිය මහතා 2024-09-25 දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින්, එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස වහාම සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇති හෙයින් මෙම පත්කිරීම කළ බව රජය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *