ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ප්‍රභූ ආරක්‍ෂක රාජකාරි සඳහා යොමු කර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළඹවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ කරුණු ප්‍රචාරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම දැනුම් දීම කරයි.

ආරක්‍ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්, ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 දින දක්වා පමණක් හිමි වන බවයි.

තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ,ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතර කොට නොමැති බව ද ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *