ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන්ගේ ඉවත් කළ දීමනාව ගැන පහැදිලි කිරීමක්

ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යාකර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලාඔස්සේ කරුණු ප්‍රචාරණය වී ඇත.

නමුත්, ආරක්‍ෂක අමාත්‍යංශයත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත්තේහිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාවසඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්,  ඔවුන් හට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 වන දින දක්වා පමණක් හිමි ගන්වන ලෙසයි.

තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි  යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බැව් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *