මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව ඊයේ මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ බව කී අමාත්‍යවරයා විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව පැවසීය.

ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලයේ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව විදේශිකයන්ට ඉතා පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමට හැකි බවද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *