නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23)  පෙරවරු 9.00ට කොළඹ  ගාලු මුව දොර පිහිටි ජනාධිපති  ලේකම්  කාර්යාලයේදී  දිවුරුම්  දීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත  ජයසූරිය මහතා ඉදිරියේ  මෙම දිවුරුම්  දීම සිදුකෙරේ.

පෙරේදා( 21) වැනි දා පැවති  ජනාධිපතිවරණයේ දී මහජන ඡන්දයෙන් දිසානායක  මහතා  ජනාධිපති ධූරයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *