ජාතිය නව දේශපාලන, නව අපනයන ආර්ථිකයකට සහ නව සමාජ ව්‍යුහයකට යනවාද යන්න තීරණය කිරීම මේ රටේ ජනතාව සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
“අපි ප්රජාතන්ත්රවාදය ස්ථාවර කර ඇති අතර එය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි. ප්රජාතන්ත්රවාදය නැති කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.”
“රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමේ කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.