කෝටි දෙකක දුම්වැටි සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්යුත් දුම්වැටි නැවත පුරවා ගැනීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ රේගු නිලධාරීන් විසින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සැකකරු දුම්වැටි එක් ලක්‍ෂ 20,400ක් එලෙස රැගෙනවිත් තිබෙනවා.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *