ගෙයින් ගෙට යා හැකි සීමාව මැකෝ කියයි

ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට  පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

ඊට වැඩියෙන් පිරිස් ගමන් කරන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස්දී  ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඇතැම් දේශපාලන පක්ෂවල පස්දෙනෙකුට වැඩි පිරිසක් පෙළපාළි  වශයෙන් අත්පත්‍රිකා බෙදා හැරීමට ගෙයින් ගෙට  යන බවට තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එලෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසන කොමිසම  විවිධ ආරවුල් ඇතිවීමටද එය ප්‍රධාන හේතුවක් බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *