ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සැකකාරියක ඇතුලු සැකකරුවන් 11දෙනා  අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා  විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලෙස ද පොලිසියට නියෝග කළාය.

එසේම සැකකරුවන් හට ජීවිත තර්ජන ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතුරුගිරිය පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අදාළ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන්  දෙදෙනා සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වී ඇති බවත් මෙහිදී අධිකරණය වෙත කරුණු අනාවරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *