‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ගැටලුවක් නෑ

ජනාධිපතිවරණයට ස්වාධීන අපේජෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් පළ කළ ගැසට් පත්‍රයේ කොටස් දෙකක් ඇති අතර පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු ද, දෙවැනි කොටසේ අනිකුත් අයට ලබාගත හැකි ලකුණු සඳහන්ව ඇති බවත් වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට දෙවැනි කොටසේ ඕනෑම ලකුණක් ගතහැකි බවත් ඒ මහතා කීය.

වෙනත් ගැසට් පත්‍රයකින් නිකුත් කළ පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ලකුණුවල ද ‘ගෑස් සිලින්ඩරය’ තිබීම මෙහිදී ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවත් එම මෙම ඡන්ද දෙක ගැසට් පත්‍ර දෙකකින් ප්‍රසිද්ධ කර ඇති බැවින් කිසිඳු නීතිමය ගැටලුවක් ඒ සම්බන්ධයෙන් නොමැති බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *