ආර්ථික පනතට කතානායක සහතිකය

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

ආර්ථික පරිවර්ථනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධි විධාන සැලසීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අනතුරුව 2024 ජූලි 25 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි. එහිදී  මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 45 දරන  ආර්ථික පරිවර්තන පනත ලෙස  හැඳින්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *