සමථ මණ්ඩල පනත සංශෝධනයට

සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ස්ථාපිත කරන ලද හෝ ක්‍රියාත්මකව පවතින සමථ මණ්ඩල නොතිබීම,සමථ මණ්ඩල විසින් නිකුත් කරනු ලබන නිරවුල් නොකිරීමේ සහතිකය නිකුත් කිරීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය ගැටලු සහ දෙපාර්ශ්වයම සමථයකට එළඹීම පිළි නොගන්නා අවස්ථාවන්හිදී අධිකරණය හමුවට පැමිණීම නොවැළැක්වීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම පිණිස 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනතේ 7 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා 2023-09-25 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.

‍එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී‍ෛ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *