පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක මෙහෙයුමක්

පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.

පොලිස්පතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර අද පැවැති විශේෂ සාකච්ඡාවකදී එම මෙහෙයුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාතාලය මර්දනය කිරීමට ඔවුන් සතු නීතිවිරෝධී ගිනිඅවි දැඩි බාධාවක් යැයි හඳුනාගෙන ඇති බව කී උසස් පොලිස් නිලධාරියා ත්‍රිවිධ හමුදාවේ සහය ද ඇතිව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *