මහල් නිවාස 8000 කට සින්නක්කර ඔප්පු

කොළඹ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8000කට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියද ඔප්පු 1070ක් ලබා දීමට සැලසුම් කර තිබේ.

කොළඹ මහල් නිවාස හිමියන් 50000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අයවැයේදී ප්‍රකාශ කළ අතර මෙම හිමිකම් ඔප්පු ලබා දීම සිදු කෙරෙන්නේ ඒ අනුවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සින්න පදනමින් ලබා දී ඇති සහාධිපත්‍ය නිවාස ඒකක 22ක 14559ක් අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ප්‍රථම අදියර යටතේ හිමිකම් ඔප්පු ලබාදීම මිහිඳු සෙන්පුර, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරේ.

ඊට අමතරව ලක්සඳ සෙවණ, රන්දිය උයන, ලක්මුතු උයන, මුවදොර උයන, සියසත සෙවණ, පුරදොර සෙවන, ජයමග සෙවන, මිහිජය සෙවන, හෙළමුතු සෙවන, සියපත සෙවන, ලක්සෙත සෙවන යන ලක්හිරු සෙවන යන නිවාස ව්‍යාපෘති වල හිමිකම් ඔප්පු මේ වසර අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *