ඉඩම් අමාත්‍යවරයාගේ කාර්යාලයේ සිදුවූ ගින්නෙන් භාණ්ඩ විනාශ වීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් අමාත්‍යවරයාගේ අලාභය අයකර ගැනීමට අයකර ගැනීමට නිර්දේශ කර ඇතත් එම අලාභය අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
අමාත්‍යවරයාගේ කාර්යාලයේ මෙම ගින්න ඇතිවී තිබුණේ 2022 මැයි නවය වැනිදාය.
ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයෙන් පසු මෙම නිර්දේශය කර ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේදීය මේ අතර අමාත්‍යාංශයේ ඉඩම්වත් පත්කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා වසර ගණනාවක් ගත කිරීම හේතුවෙන් ඉඩම් අත්පත් වන්දි පමණක් ගෙවීම වෙනුවට මෙම කටයුතු ප්‍රමාද වීමෙන් වන්දිලාභීන්ට අමතර පොලී ලෙස විශාල මුදලක් රජයේ මුදලින් ගෙවන බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ඉඩම් හා සංචාරක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.