Indian External Affairs Minister Dr. S. Jaishankar

ඉන්දීය විදේශ ලේකම් හෙට දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජය ශංකර් මහතා හෙට(20) දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහා ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව බවද එම ආරංචි මාර්ග කියයි.

තවද ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව ජයසංකර් මහතා හාජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *