ඉදිරියේ පත් වන ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීම අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සිදු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.
“අනුරාධපුර සල්ගාදු පිටියේ දැවැන්ත රැස්වීම් තියන්නේ අපි, මං දැක්කා සල්ගාදු පිටියේ හට් 03 ක් ගහලා, හට් 03 ක තමයි කට්ටිය හිටියේ, අපි හට් ගහන්නේ නෑ, වේදිකාව හදලා සම්පූර්ණම අපේ ජනතාව හිටගෙන ඉඳලා වාඩිවෙන්නෙත් නෑ, සමහර දවස් වලට වේදිකාවත් කඩාගෙන ඉස්සරහාට එනවා, ආරක්ෂක වැටවල් කඩාගෙන එනවා, මේ රැස්වීමේ එහෙම දෙයක් පෙන්න තිබුණේ නෑ, සල්ගාදු පිටියේ ඔය රැස්වීම අපිට අභියෝගයක් නෙමෙයි, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපු හැටියේ වෙනදා වගේම සල්ගාදු පිටිය පුරවන්න හයිය ශක්තිය අපිට තියෙනවා, ඔය රැස්වීම ඒ තරම් ලොකු දෙයක් හැටියට අපි සලකන්නේ නෑ.
මැතිවරණය නොතියා ඉන්නවාද කියලා ස්ථීර ප්‍රකාශයක් කරන්න ඔ්න ජනාධිපතිතුමා, එහෙම දෙයක් පේනන නම් නෑ, මාධ්‍ය වල එක එක ආකාරයට ඒක ප්‍රචාරය වුණාට අපිට නිළ වශයෙන් කවුරුවත් දැනුම් දීලා නෑ,මැතිවරණ නියම වෙලාවට තියයි, මැතිවරණ කොමිසමට බලය එනවානේ තව මාසයකින් විතර, මැතිවරණ කොමිසමේ වගකීමක් ඒක, කොමිසම ඒ වගකීම ඉටු කරයි.
අපේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉඟියක් දැන්ම දෙන්න බෑ, හේතුව ගෝඨභය ජනාධිපතිතුමා ඉල්ලන්න ඉස්සරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පැය 24 න් තමයි අපේක්ෂකයා වුණේ, රටට නරකක් වුණත් එයාගේ වැඩේ සාර්ථක වුණානේ, අපිත් ඒ වගේ පැය 48 ක් විතර තියලා අපේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනවා.එතකොට එතුමාට ජයග්‍රහණය කරන්න ලේසියි.දැන් බලන්න, කලින් ජනාධිපති අපේක්ෂකයෝ නම් කරපු දෙන්නෙක් දැන් ඇණ කොටා ගන්නවා.
ඉදිරි ආණ්ඩුවේ අපේ අගමැතිවරයා කවුද යන්න සම්බන්ධයෙන් තවම සාකච්ජා කලේ නෑ, දැනටත් පොහොට්ටුවේ අගමැතිවරයෙක් ඉන්නේ, අගමැති තනතුර අපි පොහොට්ටුවේ ඉඳගෙන වෙන කාටවත් දෙන්න කැමති නෑ, අනිවාර්යෙන්ම අගමැති පත් කිරීම පොහොට්ටුවෙන් කෙරෙයි.ජනාධිපතිවරයා පත් කර ගැනීම තමයි මේ වන විට සාකච්ජා කෙරෙමින් පවතින්නේ.ඒක පක්ෂය නිවැරදිව කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.”