අරගලයේ පිරිසක් රස පරීක්ෂක හමුවට

අරගලය පැවති සමයේදී අරලිය ගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ එහි දේපලවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකයෙකවූ එරංග ගුණසේකර, නිලූකා දමයන්ති, ඉනෝකා ලක්මාලි, ජනක රොෂාන් සහ මුදියන්සේලාගේ විමලරත්න යන සැකකරුවන් ලබන 20 වැනිදා උදේ 9ට රජයේ රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.

අරගලය පැවති සමයේදී අනවසරයෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවීම සහ දේපළවලට හානි කිරීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 33 කට එරෙහිව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේය.

එම සිදුවීමට අදාළව සාක්ෂි ලෙස ලබාගත් ඡායාරූප සමඟ ඉහත සැකකරුවන්ගේ ඡායාරූප සංසන්දනය කිරීමට අවශ්‍ය බැවින් රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කළ ඉල්ලීමට අවසර දෙමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *