ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා ඊයේ (20) නිකුත් කළේය.
එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා ගොනුකළ සංශෝධිත පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.
වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහතාගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වන වාරණ නියෝගයක්ද දිසා විනිසුරුවරයා නිකුත් කළේය.
මෙම මරණ නියෝග ලබන 03වෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.