උතුරු නැගෙනහිර කිලෝමීටර් 23ක තාමත් බිම් බෝම්බ – ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකාව 2028 වසර වන විට බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට තව ඇත්තේ කිලෝමීටර් 23 ක් බවද අමාත්‍යවරයා කීය.

බිම්බෝම්බ තිබූ සමස්ථ භූමියෙන් කිලෝමීටර් 1340.87 ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, එම ප්‍රදේශයෙන් බිම්බෝම්බ 2,492,081 ක් සොයාගෙන විනාශ කර ඇති බවත් ඇමතිවරයා කීය.

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කර සිවිල් පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය කිලිනෝච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *