වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම සාමාජිකයන් මේ සති අන්තයේදී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
මේ අනුව මෙසේ කොළඹට කැඳවනු ලැබ සිටින්නේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීහු වෙති
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයක් ඉදිරියේදී බිහිකිරීමට නියමිතය. එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.