මුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලා

මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක්  වැය කර ඇතැයි මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා පැවසීය.

පාරිභෝගික භාණ්ඩ ආනයනය  සඳහා වැය කර මුදල   ඊට කලින් වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව   සියයට දාහතරකින්  පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා වැඩි වී ඇති මුදල   කෝටි එක්දාස් එකසිය  දහසයක්  බවද  සඳහන් කළේය.

මේ අනුව ආහාර පාන වර්ග ආනයනය සඳහා රුපියල් කෝටි 5028ක්ද  අනෙකුත් දෑ ආනයනයට කෝටි 4007ක්ද වැය කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *