සනත්ට එරෙහි අපහාස නඩු ඉල්ලා අස්කර ගනියි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හදිසි අනතුරකින් මියගොස් ඇති බැවින් ඔහුට එරෙහිව පවරා ඇති අපහාස නඩු ඉල්ලා අස්කර ගන්නා බව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය  අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය

ඒ අනුව ඊට අධිකරණයෙන් අවසර ලැබිණ

මෙම පෙත්සම් තුන සෝභිත රාජකරුණා.සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ

ශ්‍රී ලංකා  අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කොට තිබූ පෙත්සම්වලවග උත්තර කරු හැටියට රෑජ්‍ය අමාත්‍ය  සනත් නිශාන්ත මහතා නම් කරනු ලැබ සිටිති

ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී අධිකරණයට පහසුවන අන්දමේ කරුණු ප්‍රකාශ කරන ලදයි චෝදනා කරමින් ඊට සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා  පෙත්සම්කාර සංගමය ඇතුළු තිදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *