තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් රිමාන්ඩ්

කටාර් රාජ්‍යයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර රුපියල් කෝටි අටකට අධික දේපළක් උපයා ගත්තේ  යැයි කියන ගාල්ල  බටපොල රොෂාන් චමින්ද සැකකරු ලබන 15වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුව  අත්අඩංගුවට ගෙන ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ සන්තකයේ තබා ගැනීමට එරෙහිව මුදල් විශුද්ධි කරන පනත යටතේ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සැකකරු 2013 වසරේදී කටාර් රාජ්‍යයට ගොස් ඇති අතර 2015 වසරේදී මත්ද්‍රව්‍ය පාර්සලයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එරට මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව ඇත.අත්අඩංගුවට පත් සැකකරු2017 වසරේ සිට බන්ධනාගාර ගත කර ඇති අතර  2020 වසරේදී රටින් පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කර ඇත.එරට සිටියදී කෝටි අටකට අධික මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගෙන මෙරටට එවා ඇති බව සඳහන් කරන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී වෑන් රථයක්, ලොරි රථයක්, සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගත් බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *