අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැනට විදේශගතව සිටින බව කියන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට නියෝග කළේය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) ඉල්ලීමකට අනුව මෙම රතු නිවේදන නිකුත් කර ඇත.
මෙම රතු වරෙන්තු නිකුත් කරනු ලැබුවේ කල්එළිය, කලගෙඩි හේනවල ප්‍රදේශවල පදිංචිව සිටින බවත් දැනට ඕස්ට්‍රේලියාවේ සහ සිරියාවේ පදිංචිව සිටින බවත් පැවසෙන පියා සහ පුතා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිවයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් 2021 වසරේ සැකකරුවන් 16 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර ඉන් හතර දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර ඇත.
මෙලෙස රතු වරෙන්තු නිකුත් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් බව කියන Ahmed Khalil Luqman Talib, Ahman Luqmand Haleen, Abdul Bahin Mohammad Lebbe සහ Mohammad Pahir Ripon යන සිව්දෙනාටය.