Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බදු නොගෙවූ මත්පැන් සමාගම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සුරා බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ වනවිට පැහැර හැර ඇති සුරා බදු මුදල් එම සමාගම්වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ව ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය, ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ඔබේ අදහස