දිවයින පුරා බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්

දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා  අනාවරණ කළේය.

ජාතික විගණන කාර්යාලය සිදුකළ “බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව” පසුගියදා එළිදක්වනු ලැබීය.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු එම වාර්තාවට අනුව 2022 දෙසැම්බර් 31 වනවිට දිවයින පුරා බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන්ගේ ධාරිතාවය 11,291ක් වුවත් එදින වනවිට රඳවා සිට ඇති පිරිස 26,176කි.

ඒ අනුව බන්ධනාගාරවල රඳවා සිටිය හැකි රැඳවියන්ගේ ධාරිතාවය 232% කින් ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම විගණන වාර්තාවට අනුව, 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට සමස්ත රැඳවියන්ගෙන් 53%ක් සිරගත කර තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධවය.

එමෙන්ම සනීපාරක්ෂාව පිළිබඳ සැළකීමේදී බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින බවත්, වැසිකිළි 287ක් අලුත්වැඩියා කළයුතු මට්ටමේ පවතින බවත් විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණ කරන්නේ, බන්ධනාගාරගත රැඳවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *