කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා විශ්‍රාම යෑමට තීරණය කරයි

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා මෙම සිද්ධිය හේතුවෙන් කලකිරීමට පත් ව විශ්‍රාම යාමට තීරණය කර ඇති බවත් මේ වන විටත් එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

එහි දී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පළමුව පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද මෙම සංගම් චෝදනා කරයි.

දෙවනුව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මෙම සංගම් දෙක සිය අසතුට ප්‍රකාශ කළේය.

පිළිකා වාට්ටුවේ වර්ජනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ වෛද්‍යවරයාට තර්ජනය කර පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ආයතන මට්ටමින් සහ පොලීසියෙන් නිසි ක්‍රියාමාර්ග නොගත හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව මෙම සංගම් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *