ශ්‍රීලනිප බද්දේගම සංවිධායක රුපියල් මිලියන 20ක වංචාවකට සම්බන්ධයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසන සංවිධායක මලික් ගුණවර්ධන රුපියල් කෝටි දෙකක වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටී.

මොහු තරුණයින් කිහිප දෙනෙකුට විදේශ රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඔවුන් රවටා මුදල් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම වංචාවට හසුවී ඇත්තේ ගාල්ල, රත්ගම, බූස්ස, යක්කලමුල්ල සහ අඟුළුගහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුට එරෙහිව සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාවට අදාළ වාර්තාවක් ගාල්ල පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජින්ද්‍ර නාරංගොඩ මහතා අපේක්ෂිත ඇප ඉල්ලා සිටියේය. ඇප ඉල්ලීමට එරෙහිව විරෝධතා ඇත්නම් පෙබරවාරි 01 වැනිදා ගොනු කරන ලෙසත් නඩුව කල් දමන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්.ජයවීර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කාන්ත යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *