ගැසට් කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ෆේස්බුක්, ගූගල් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ දැවැන්තයින් ශ්‍රී ලංකාවෙන් පලවා හරින කුරිරු නීතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සභාවට දන්වා සිටියේය.
“මෙම ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් සත්‍ය කුමක්ද සහ අසත්‍ය කුමක්ද යන්න තීරණය කිරීමට කොමිසමක් පත් කිරීමට නියමිතයි. මෙය කතා කිරීමේ නිදහස සහ සිතීමේ නිදහස උල්ලංඝනය කරයි. මේ නීතිය පනවලා ක්‍රියාත්මක කළොත් ඔබට කවදාවත් ආයෝජකයින් ලැබෙන්නේ නැහැ.” මන්ත්‍රීවරයා පැවසීය.
“Google, Facebook හෝ Instagram වැනි සමාගම් මෙම නීතිය පිළිගන්නා බව ඔබ සිතනවාද?” මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.