ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පැවති බව වාර්තා වේ.
මේ අතර එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේ දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ සභාපති ධුරයට සුදුසුනම් ඉදිරියේදී එය ලැබෙනු ඇති බවය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට ගෙනයාමට ඉඩ නොතබන බවය.