ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව අඛණ්ඩව සහය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වීඩියෝ පණිවුඩයක් මගින් දැනුම් දුන්නේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැති ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමක් අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මුදල් ආධාර සහ දිගුකාලීන ආයෝජන යන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් කථානායකවරයා ඉන්දියාවෙන් අඛණ්ඩව ලබාදෙන සහයෝගයට කෘතඥතාව පළ කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු එහි සාමාජිකයින් ද එක්ව සිටියා.