ගාල්ල බන්ධනාගාරයට සෞඛ්‍ය හදිසි අවස්ථාවක්, ඇතුළත් කිරීම් සීමා කෙරේ

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන බෝවන රෝගයක් හේතුවෙන් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ බන්ධනාගාරය තුළ පැතිර යන රෝගය බෝවන රෝගයක් වන Meningococcal රෝගය බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ උණ සහ සමේ ආසාදන හේතුවෙන් රැඳවියන් නව දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය 13 සහ 20 යන දෙදින තුළ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

සෞඛ්‍ය හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාරයට ඇතුළත් කිරීම සහ රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාම සීමා කර ඇති බව ඒකනායක මහතා පැවසීය.

මෙම මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර බන්ධනාගාර රැඳවියන්ට සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයට ප්‍රතිකාර කිරීම සඳහා කරාපිටිය රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් බන්ධනාගාරයට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *