Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පන්දම් දල්වාගෙන මිහින්තලේ ගිය විදේශිකයෝ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

විදෙස් ජාතික සංචාරකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ මිහින්තලය පුදබිම වෙත පැමිණ තිබේ.

මේ වනවිට පුදබිම ආශ්‍රිතව විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් එම සංචාරකයින් හට මිහින්තලය තරණය කිරීමට සිදුවූයේ පන්දම් දල්වාගනිමිනි.

මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය අද කටයුතු කළේය.

තමන් පාලකයින්ට විරුද්ධව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් මෙය සිදුකර ඇති බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළහ.

ඔබේ අදහස