ලංකා IOC සමාගම හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයෙ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල මෙන්ම, සුපිරි ඩීසල් මිලද ඉහළ යනු ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 348කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 375ක් වේ.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358කි.
භූමිතෙල් මිල ද රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.