ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, අභියාචනාධිකරණ සභාපති, අභියාචනාධිකරණ විනිසුරු යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ
අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ඊයේ (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.