උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර මෙන්ම ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද පස් කන්දක් කඩා වැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල සහ දියතලාව අතර දුම්රිය මාර්ගයේ කඩා වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමට නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් දිවා රෑ නොබලා කටයුතු කරමින් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කර තිබේ.
ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතර පස් කඳු ඉවත් කිරීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වුණේ.