කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට පැමිණෙන සංචාරකයින් සහ බැතිමතුන්ගේ පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අද සිට සෑම සෙනසුරාදා දිනකම විශේෂ ශීඝ්රගාමී දුම්රිය සේවාවක් ක්රියාත්මක කරයි.
මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම අනුරාධපුරයට පිටත් වන අතර සෑම ඉරිදාවකම නැවත කොටුවට පැමිණේ.
මෙම දුම්රිය ආසන 480 කින් යුත් වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි 10 ක් ඇදගෙන යනු ඇත.
එක් පැත්තක ගමනක් සඳහා ගාස්තුව රු. 2,500 ක් බව දෙපාර්තමේන්තුව පවසයි.