කවුන්සිලයේ පළමු රැස්වීමේදී පත්කිරීමට තීරණය කළ අනුකමිටු දෙක සඳහා ජාතික සභාව විසින් සාමාජිකයින් පත් කර තිබේ.
ජාතික සභාවේ දෙවන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
‘කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා තීරණය කිරීම සහ ආර්ථික ස්ථාවරත්වයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා අනුකමිටු දෙක පත් කර ඇත.
කෙටි, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ අනුකමිටු සාමාජිකයින් වන්නේ අමාත්‍ය නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සහ ඒ.එල්. එම්. අතාවුල්ලා.
ආර්ථික ස්ථාවරත්වයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ අනුකමිටු සාමාජිකයින් වන්නේ අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාද් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලී චම්පික රණවක, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, සහ ඒ.එල්. එම්. අතාවුල්ලා.
එම අනුකමිටු දෙකේ සාමාජිකයින් අද (07) හමුවීමට ජාතික සභාව තීරණය කර තිබේ.
ජාතික සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එහි සාමාජිකයින් වේ.
මීට අමතරව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව පිහිටුවන ලද ජාතික සභාව, පිළිගත් දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වේ.