හෙට කොළඹට පැය 10ක ජල කප්පාදුවක්…

අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් කටයුතු හේතුවෙන් සෙනසුරාදා (20) රාත්‍රී 11.00 සිට ඉරිදා (21) පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.

ඒ අනුව කොළඹ 5 සහ 6 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 4 ප්‍රදේශයේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ පවතිනු ඇත.

NWSDB පාරිභෝගිකයින්ට ප්‍රමාණවත් තරම් ජලය පුරවන ලෙස උපදෙස් දෙන අතර සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරයි. ජලය පරිස්සමින් භාවිත කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *