මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයාට ඉල්ලා අස්විය නොහැකි බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට යන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත් එසේ කිරීමට ව්‍යවස්ථාවේ වගන්තියක් නොමැති බවත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා.
තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අග්රාමාත්යවරයාම ප්‍රකාශ කළ බව මාධ්‍යවේදීන් සිහිපත් කළ විට වජිර අබේවර්ධන කියා සිටියේ මාධ්‍ය වැරදි ලෙස කරුණු වාර්තා කිරීම පිළිබඳව තමන් කලකිරීමට පත්වන බවයි.
“මාධ්‍ය වැරදි ලෙස කරුණු වාර්තා කිරීම ගැන මම කලකිරෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වැනි වගන්තිය දෙස බැලිය යුතුයි. රට අස්ථාවර වුණාම ඒක ස්ථාවර කරන්නයි ලියලා තියෙන්නේ
ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවද ජුලි 13 වැනිදායින් පසු ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නොමැති බවද හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.