නව බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කෙරේ…

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු අතුරු බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අද පෙරවරුවේ එම නිවේදනය නිකුත් කරන බව ඔවුන් සඳහන් කළේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජූලි 1 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.

අඟහරුවාදා (28) පැවති සාකච්ඡාවකින් අනතුරුව දැනට රුපියල් 32ක් වන අවම ගාස්තුව රුපියල් 40 දක්වා වැඩි කරන අතරම බස් ගාස්තු 30%කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සහ පෞද්ගලික බස් හිමියන් අතර සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *