Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්.

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පැරාලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ – F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති එම ඉසව්වේ මීටර් 66.60ක් විසි කරමින් ඔහු ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

දෙනියායේ සමිත දුලාන් කොඩිතුවක්කු ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනූ දෙවැනි ශ්‍රී ලාංකිකයා විය.

සමිත ටෝකියෝ හි F64 හෙල්ල විසි කිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ඔබේ අදහස