විදේශගත ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයන බලපත්‍ර ක්‍රමයක් ලබාදීමට පියවර…

නීත්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ අපගේ ප්‍රේෂණ රැගෙන යන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍රයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ප්‍රේෂණ සඳහා නීත්‍යානුකූල මාර්ග භාවිතා කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍රයක් ලබා දෙන බව ඔහු පැවසීය.

වාහන ආනයනය රජය විසින් අත්හිටුවා ඇති බව ප්‍රකාශ කළ අමාත්‍ය නානායක්කාර මහතා, කෙසේ වෙතත් බලපත්‍ර ලබා දෙන්නේ නිල බැංකු මාධ්‍ය ඔස්සේ විදේශ මුදල් එවන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට පමණක් බලපත්‍ර ලබාදෙන බව ය.

ආනයනය කරනු ලබන විදුළි වාහන සූර්ය බලයෙන් ආරෝපණය කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා අඩු පොලී නිවාස ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“අපිට ගිය මාසේ ඇ.ඩො. මිලියන 305ක් ප්‍රේෂණ ලැබුණා, ඒක ඩොලර් මිලියන 500-600 දක්වා වැඩි කරන්න පුළුවන් නම් අපිට අපේ ප්‍රශ්න ගොඩක් විසඳගන්න පුළුවන්,” අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළේ ජපානය සහ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *