සිය බාලවයස්කාර දරුවා කැලණි ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කළ 43 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව වත්තල, කදිරාන පාලමෙන් කැලණි ගඟට සිය 05 හැවිරිදි පුත්රයා විසි කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඇය පාලමෙන් පැනීමට උත්සාහ කිරීමේදී ප්රදේශවාසීන් විසින් ඇයව රඳවාගෙන ඇති අතර ඒ අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුමක් ක්රියාත්මකයි.