සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හමුවී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමේ මංපෙත් ගවේෂණය කර ඇත.
අමාත්‍යවරයා ජනප්‍රිය බොලිවුඩ් නළු ඩිනෝ මෝරියා සහ නිළි චිත්‍රංගදා සිං වෙන වෙනම හමුවූයේ ඔවුන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ සිටියදීය.
ඔවුන්ගේ රැස්වීම්වලදී අමාත්‍ය ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාව ඉන්දීය සංචාරකයින් සඳහා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාව බොලිවුඩ් චිත්‍රපට සඳහා ස්ථානයක් ලෙස යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද ඔහු සාකච්ඡා කර තිබේ.