ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සැපයීම ඉදිරියේදී ගැටලුවක් නොවන අයුරින් පවත්වාගෙන යාමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් සමඟ ඊයේ පස්වරුවේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ත්‍රිරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීමට සහය දීමට අග්‍රාමාත්‍යවරයා එකඟ විය.
රටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම සඳහා මසකට ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.
එම නිසා ඉදිරියේදී රට මුහුණදෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ත්‍රිරෝද රථ කර්මාන්තය රැකගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මේ අතර, අග්‍රාමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡාවක නිරත වුණා.
ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සහ ඉන්ධන සැපයුම විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.