ලබන සඳුදා (06) සිට පොදු ප්‍රවාහන සේවා කටයුතු අත්හිටුවන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස් රථ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඩීසල් ලබාදීමට බලධාරීන් ක්‍රමවේදයක් සකස් නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පහසුව සඳහා පසුගිය දින කිහිපය තුළ පෞද්ගලික බස් රථ ධාවනය කළ බව ඔහු පැවසීය.
විජේරත්න කියා සිටියේ ඩීසල් සම්බන්ධ ගැටළුවලට විසඳුමක් ලබා නොදුනහොත් සඳුදා සියඵම පෞද්ගලික බස් රථ ධාවනය අත්හිටුවන බවයි.
අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.