අටළුගම ප්රදේශයේ 9 හැවිරිදි දරුවෙකු අතුරුදන්ව ඇති බවට බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අද පෙරවරුවේ අතුරුදන් වූ දරුවා සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.
දරුවා නිවසට ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් ආපසු නොපැමිණි බව මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
දරුවා වෙළෙඳසලෙන් පිටව ගොස් ඇතත් නිවසට නොපැමිණි බව CCTV දර්ශනවලින් අනාවරණය වී තිබේ.
අතුරුදන් වූ දරුවා සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.